පොල් ගෙඩියක් නිසා පුංචි සිඟිත්තිය මරු තුරුලට යයි

ගලහ, නාරංහින්න ප්‍රදේශයේ දී පොල් ගෙඩියක් හිස මතට වැටීමෙන් සිදුවු අනතුරකින් කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .
එලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මාස 11ක් වයසැති කුඩා දැරියක් බව පොලීසිය සඳහන් පැවසුවේ
පියා දැරිය රැගෙන අසල්වැසි නිවසක් වෙත ගොස් යළි එමින් සිටිය දී නිවස ඉදිරිපිට තිබූ පොල්ගසක වියළි ගෙඩියක් පුංචි දැරියගේ හිසට වැටී අනතුර සිදුව තිබෙන්නේ
බරපතළ තුවාල ලැබු දැරිය දෙල්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබේ.
එහිදී දැරිය මියගොස් ඇති බව පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් ගලහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
menu
menu