හිමිනමකට ලිංගික අපයෝජනයක් කළ චීවරධාරියන් දෙදෙනා

අනුරාධපුර පිහිටි විහාරස්ථානයක වැඩ සිටි වයස අවුරුදු 13ක බාලවයස්කාර හිමි නමකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කල චීවරධාරියෙකු ඊයේ අත්අඩංගුවට ගත් බවත් ,ඒ සම්බන්ධයෙන් තවත් චීවරධාරියෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවද අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසනවා
මෙම සිද්ධියට සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර නව නගරය ආසන්නයේ ඇති විහාරස්ථානයක වාසය කල සිටි 22 හැවිරිදි ධීවරධාරියක් බවයි වාර්තා වන්නේ .
පැමිණිලිකාර හිමිනම වෙනත් විහාරයක හතරවන වසරේ පිරිවෙන් අධ්‍යාපනය ලබන අතර අවශ්‍යතාවයක් සඳහා කලින් සිටි විහාරස්ථානයට වැඩම කල අවස්ථාවේදී සිද්ධියට මුහුණ පා ඇති බව පොලිසිය පවසනවා.
පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් චීවරධාරියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවයි
පැමිණිලි කාර බාලවයස්කාර හිමි නම, මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර අත්අඩංගුවට ගත් චීවරධාරියා අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
menu
menu