නතාෂා නිදහස්: කොටුව මහේස්ත්‍රාත්  අධිකරණයෙන් නියෝගයක්

ආගමික සහජීවනයට බාධා කළ හා බෞද්ධ ආගමට අපහාස වන ලෙස ප්‍රකාශ සිදු කළ බවට චෝදනා ලැබ සිටි නතාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකරට එරෙහිව තිබූ නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කර තිබෙනවා.

මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය සාක්ෂි නොමැති බවට නීතිපතිවරයා අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන්ව නිදහස් කිරීමට අධිකරණය නියෝග කර ඇත.

menu
menu