ආපදා මරණ 410ක් 336 දෙනෙකු අතුරුදන්
දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ ආපදා හේතුවෙන් මිය ගිය පුද්ගලයින් ගණන 410ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අතුරුදන්ව සිටින පුද්ගලයින් ගණන 336ක් වන බවයි ආපදා කළමානකරණ මධ්‍යස්ථානය අද උදෑසන නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ.
ආරක්ෂිත මධ්‍යස්ථාන 64,493ක තවදුරටත් රඳවා සිටින පුද්ගලයින් ගණන 233,015. රට පුරා සිදුවූ ආපදා හේතුවෙන් පවුල් 407,594කට අයත් පුද්ගලයින් 1,466,615 දෙනෙකු තවදුරටත් බලපෑමට ලක්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.

