අද ඉඳලා සල්ලි දීලා යන්න ඕනේ නොමිලේ ගමන් පහසුව අත්හිටුවයි

අධිවේගී මාර්ග පද්ධතියේ ගමන් ගන්නා සියලුම වාහන වලින් පෙර පරිදි මුදල් අය කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කර තිබෙනවා.

දිට්වා සුළි කුනාටුව හේතුවෙන් පැවති අයහපත් කාලගුණය මත අධිවේගී මාර්ග පද්ධතියේ සියලුම මාර්ගයන්හි ධාවනය වු වාහන සඳහා ගාස්තු අය නොකිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය ඉකුත් 27 වෙනිදින සිට පියවර ගෙන තිබුණා.

ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගය කොළඹ පිටත වටරවුම් මාර්ගය, කටුනායක කොළඹමාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගය, සහ දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව යන සියලුම මාර්ග වල ගමන් ගන්නා වාහන සඳහා පවතින අයහපත් කාලගුණ තත්වය පහව යනතුරු නොමිලේ ගමන් පහසුව සලසා දී තිබූ අතර ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට එම පහසුකම අත්හිටුවා තිබෙනවා.

menu
menu