සත්තු වත්තේ පරවි හොරකමට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට

දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් පරෙවියන් 32ක් සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු පරෙවියන් 15දෙනෙකු සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (06) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින්ය.

අත්අඩංගුවට ගත් සැකකරු දෙහිවල නැදිමාල ඩී.බී.ජයතිලක මාවත පදිංචි 24 හැවිරිදි සූපවේදියෙකු බව පොලීසිය පවසයි.

අධිකරණ නියෝග මත දෙහිවල ජාතික සත්වෝද්‍යානයට රැකබලා ගැනීමට ලබාදී සිටි විදේශීය පරෙවියන් 32ක් ඉකුත් ඔක්තෝබර් 04 වනදින මෙසේ සොරකම් කර තිබුණි.

එම පරවියන් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන අවස්ථාවේදී ගුවන්තොටුපොළදී පොලිස් භාරයට ගෙන අධිකරණය වෙත යොමුකර පරීක්ෂණ නිම වන තෙක් මෙලෙස රැක බලා ගැනීම සඳහා දෙහිවල ජාතික සත්වෝද්‍යානට භාර දී තිබියදී මෙම සොරකම සිදුකවීඇති බව පාලනාධිකාරිය විසින් සිදුකළ පැමිණිල්ලක් මත පොලීසිය පරීක්ෂණ කටයුතු සිදු කරමින් සිට ඇත.

menu
menu