චාමික කරුණාරත්න ඇප මත මුදා හැරීමට නියෝග

ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (08) නියෝග කර තිබෙනවා.

ඒ අනුව, ගුවන් සේවිකාවක් බව කියන තැනැත්තියක් විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එහිදී, චාමික කරුණාරත්න රුපියල් ලක්ෂ 10 ක පුද්ගලික ඇපයක් මත මුදා හැරීමට අධිකරණය නියම කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

menu
menu