ෆිටෝන් රූම් එකේ  හොරෙන් කැමරා ගහපු මෑන් අත්අඩංගුවට දුරකතනයේ විඩීයෝ 200ක්

ඇඳුම් ඇඟලා බැලීමේ කාමරයක් තුළ සූක්ෂම ලෙස කැමරාවක් සඟවා කාන්තාවන් ඇඳුම් මාරු කළ අවස්ථාවන් වීඩියෝ ගත කළ තලවතුගොඩ නගරයේ නිමි ඇඳුම් අලෙවිසලක හිමිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

43 හැවිරිදි ඔහු කොට්ටාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී එලෙස වීඩියෝ ගත කළ දර්ශන 200කට වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

ඒවා අන්තර්ජාලයට යොමු කර තිබේද, එසේ නොමැතිනම් අසභ්‍ය වෙබ් අඩවි වෙත අලෙවි කර ඇත්ද යන්න සෙවීම සඳහා විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා

menu
menu