රුහුණු මහා කතරගම දේවාලයේ නව බස්නායක නිලමේවරයා

රුහුණු මහා කතරගම දේවාලයේ නව බස්නායක නිලමේවරයා ලෙස ආරච්චිගේ තිළිණ මධුෂංක මහතා අද නිතරඟයෙන් තේරී පත් වුණා.

ඒ, ඉදිරි වසර 05ක කාලය සඳහා රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධුරයට සුදුස්සෙකු පත් කරගැනීම සඳහා මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පෙරවරුවේ පැවති නිලවරණයේදීයි.

රුහුණු මහා කතරගම දේවාලයේ නව බස්නායක නිලමේවරයා ලෙස තේරී පත්වූ ආරච්චිගේ තිළිණ මධුෂංක මහතා පසුගිය මාස තුනක කාලසීමාවේදී එම දේවාලයේ වැඩබලන නිලමේවරයා ලෙසද කටයුතු කළා.

ඊට අමතරව ඔහු දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙසද කටයුතු කරනවා.

menu
menu