කම්පනයක් අතළඟ ජපානයට අනතුරු අඟවයි

ජපානයට ඊයේ රාත්‍රියේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් පසු, තවත් විශාල භූමිකම්පාවක් ඉදිරි දින කිහිපය තුළ සිදුවිය හැකි බවට බලධාරීන් අනතුරු අඟවනවා.

ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය පවසන්නේ හොකයිඩෝ වෙරළට ඔබ්බෙන් වූ ජපාන අගාධය සහ චිෂිමා අගාධය ඔස්සේ මැග්නිටියුඩ් ඒකක 8ක හෝ ඊට වැඩි ප්‍රධාන කම්පනයක් ඇති වීමේ හැකියාවක් ඇති බවයි.

මෙම අනතුරු ඇඟවීම, 2022 න් පසු නිකුත් කළ පළමු ප්‍රබල භූ කම්පන අනතුරු ඇඟවීමයි.

menu
menu