IPL වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 12ක්
ලබන වසරේදී පැවැත්වෙන IPL තරගාවලිය ඉලක්ක කර ගනිමින් ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් මස 16 වැනිදා අබුඩාබිහිදී පැවැත්වීමට නියමිතයි.
මෙම ක්‍රීඩක වෙන්දේසියට ඉන්දීය මෙන්ම ලොව පුරා ක්‍රීඩකයින් 1390ක් ලියාපදිංචි වී තිබුණත් ඉන් ක්‍රීඩකයින් 350ක් පමණක් මෙවර වෙන්දේසියට ඉදිරිපත් කිරීමට IPL තරග සංවිධායකයින් විසින් තීරණය කර තිබෙනවා.
ඊට ඉන්දීය ක්‍රීඩකයින් 240ක් සහ විදෙස් ක්‍රීඩකයින් 110ක් ඇතුළත් වන අතර එහිදි IPL කණ්ඩායම් දහයේ හිමිකරුවන් විසින් ක්‍රීඩකයින් 77 දෙනෙකු පමණක් තෝරා ගැනීමට නියමිතයි.
මෙවර IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 12ක්.

