දිස්ත්‍රික්ක දෙකකට තවදුරටත් රතු නිවේදන

නායයෑම් අනතුරු ඇඟවීම් යාවාත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක දෙකක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කිරීමට එම සංවිධානය පියවර ගෙන ඇත.

එමෙන්ම මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (13) පස්වරු 04.00 දක්වා බලාත්මක බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.

ඒ අනුවමහනුවර දිස්ත්‍රික්කයේඋඩපළාත, උඩුදුම්බර, දොළුව, මිණිපේ, මැදදුම්බර, දෙල්තොට, ගඟ ඉහළ කෝරළය, පාතදුම්බර, පන්විල, සහකුරුණෑගල දිස්ත්‍රික්කයේරිදීගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා තවදුරටත්ඉවත් වන ලෙස රතු නිවේදනනිකුත් කර තිබේ.

menu
menu