ගංවතුර පාලනයට ස්ථීර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
ධීවර ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමට කිසිවිටෙකත් ඉඩ නොතබන බවත්, ගොඩබිම සහ මුහුදු තීරයද රැකගත යුතුයි යන දැඩි ස්ථාවරත්වයේ රජය කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
සිය කර්මාන්තය කරගෙන යාමේදී රට පුරා ධීවර ජනතාව මුහුණදී සිටින ගැටලුවලට සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ මන්නාරම දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට අද (13) පස්වරුවේ මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.
මන්නාරම දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය සඳහා ස්ථීර විසඳුමකට එළැඹීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා ආරම්භ කළ ව්‍යාපෘතිය නිසි අධ්‍යයනයකින් පසු ඉදිරියට ක්‍රියාත්මක කිරීමටද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

