දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වලින් පුද්ගලයින් 590ක් අත්අඩංගුවට

පොලීසිය විසින් දිවයින පුරා සිදු කරනු ලබන අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලදී පුද්ගලයින් 590 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර අපරාධවලට සම්බන්ධ බවට සෘජුව හදුනාගත් පුද්ගලයින් 23 දෙනෙකු ඇති බව වාර්තා වේ.

එමෙන්ම විවෘත වරෙන්තුකරුවන් 163දෙනෙකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

බීමත් රියදුරන් 22දෙනෙකු ද මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

menu
menu