ඌවේ පාසල් ආරම්භය ගැන තීරණයක් ගනී
ඌව පළාතේ වසා දැමූ පාසල් යළි ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රෝහිත අමරදාස මහතා පවසනවා.
ඒ අනුව දිනයන් දෙකක් යටතේ ඌව පළාතේ පාසල් යළි විවෘත කිරීමට කටයුතු යොදා ඇති බවයි ඔහු පැවසුවේ.
ආපදාවන්ට ලක් වූ පාසල් හැර අනෙකුත් පාසල් හෙට දිනයේ ආරම්භ වනවා.
පැවති ආපදා තත්ත්වය හමුවේ බලපෑම් එල්ලවූ පාසල් ලබන 29 වනදා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රෝහිත අමරදාස මහතා වැඩිදුරටත් පැවසුවේ.

