ඉන්දු - පාකිස්ථාන සටන් විරාමයෙන් පසු නරේන්ද්‍ර මෝදි ජාතිය අමතයි

අගමැති මෝදි පවසා ඇත්තේ ඉන්දියාවේ “සින්දූර්” මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නොව ත්‍රස්තවාදයට එරෙහි මූලධර්මාත්මක වෙනසක් සහ ප්‍රතිපත්තියක් බවයි.
අනාගතයේදී සිය රටට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුවහොත් ඉන්දියාව තමන්ගේම කොන්දේසි මත පලිගැනීමට සුදානම් බවත් අගමැති මෝදි පවසා තිබෙනවා.
ඉන්දීය අගමැතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ සිය රටේ කාන්තාවන්ගේ හිසෙන් සින්දූර් උදුරා ගත් විට සිදු වන්නේ කුමක්දැයි සතුරන්ට වැටහෙනු ඇති බවයි.
එමෙන්ම ඕනෑම තර්ජනයකින් ඉන්දියාව සහ ඉන්දීය පුරවැසියන් ආරක්ෂා කිරීමට තීරණාත්මක පියවර ගන්නා බවත් ඉන්දීය අග්‍රමාත්‍යවරයා එහිදී පවසා තිබෙනවා.
menu
menu