අභාවප්‍රාප්ත වූ මාලනී ෆොන්සේකාට අවසන් ගෞරව දක්වන්න අද සිට අවස්ථාව

අභාවප්‍රාප්ත හෙළ සිනමාවේ නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනතාවට අද අවස්ථාව හිමිවනවා.
ඒ අනුව අද පෙරවරු 09 සිට ඇයගේ දේහය චිත්‍රපට සංස්ථාවේ තරංගණී ශාලාවේ තැන්පත් කරන බවයි සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා පැවසුවේ.
මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට දිනයේ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කරන බව අමාත්‍යවරයා කියා සිටියා.