රට පුරා විදුලිය බිඳවැටීම් 50,000 ඉක්මවයි

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රට පුරා විදුලිය බිඳවැටීම් සිද්ධීන් 50,009ක් වාර්තා වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවා.
ඊයේ රාත්‍රී 08න් අවසන් වූ පැය 24 තුළ එම සිද්ධීන් වාර්තා වූ බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ.
එම සිද්ධීන්වලින් 14,031ක් යථා තත්ත්වයට පත් කර ඇති බවද ඔහු කියා සිටියා.
කිසියම් ප්‍රදේශයක තවදුරටත් විදුලි බිඳවැටීම් ඇත්නම් 19යි 87 යන කෙටි දුරකතන අංකය වෙත දැනුම් දෙන ලෙසයි එම මණ්ඩලය විදුලි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියේ.
මේ අතර ගලබඩ හා වටවල දුම්රිය ස්ථාන අතරදී දුම්රිය මාර්ගය මතට ඊයේ රාත්‍රියේ ගස් කඩා වැටුණා.
ඒ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය මාර්ගයට බාධා එල්ල වූ බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.