ජපානයෙන් චීනයට චෝදනාවක්

පැසිෆික් සාගරයේ දකුණු දෙසින් පිහිටි දිවයින වටා ඇති සුවිශේෂී ආර්ථික කලාපය තුළ චීනය දැනුම් නොදෙන සමුද්‍රීය විද්‍යාත්මක පර්යේෂණ සිදු කරන බවට ජපානය චෝදනා කරයි.
පිලිපීන මුහුදේ ඔකිනොටොරිෂිමා දූපත අසල චීනය එම ක්‍රියාකාරකම් සිදු කරන බව පැවසේ.
කෙසේවෙතත් චීනය පවසන්නේ එම භූමිය දූපතක් නොවන බවයි.
කෙසේවෙතත් ජපානයේ වෙරළාරක්ෂක බළකාය පැවසුවේ චීන සමුද්‍ර සමීක්ෂණ යාත්‍රාවක් ජපානයේ සුවිශේෂී ආර්ථික කලාපයේ ගැවසෙන බව ඔකිනොටෝරි දූපතට කිලෝමීටර් 270 ක් නැගෙනහිරින් නිරීක්ෂණය කළ බව ජපාන රජයේ ප්‍රකාශක යොෂිමාසා හයාෂි වාර්තාකරුවන්ට පැවසීය.
"යාත්‍රාවේ සමුද්‍රීය විද්‍යාත්මක පර්යේෂණ ජපානයේ එකඟතාවය ලබාගෙන නොමැති බැවින්, වෙරළාරක්ෂක බලකාය ක්‍රියාකාරකම් නතර කරන ලෙස ඉල්ලා සිටි අතර අපි රාජ්‍ය තාන්ත්‍රික නාලිකාවක් හරහා චීන පාර්ශවයට විරෝධතාවක් ඉදිරිපත් කළෙමු," හයාෂි පැවසීය.
චීන නෞකාව සඳුදා රාත්‍රී 10.45 ට පමණ ජපානයේ සුවිශේෂී ආර්ථික කලාපයෙන් (EEZ) පිටත් වූ බව ද හයාෂි පැවසීය.
ජාත්‍යන්තර නීතිය යටතේ, වෙරළබඩ රාජ්‍යයකට එහි වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 200ක් ඇතුළත පිහිටි එහි සුවිශේෂී ආර්ථික කලාපය තුළ ස්වභාවික සම්පත් සහ අනෙකුත් ආර්ථික ක්‍රියාකාරකම් කළමනාකරණය කිරීමේ අයිතිය ඇත.