මැයි මාසයේ පාරිභෝගික උද්ධමනය ඉහළට

මෙම මාසයේ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය සියයට ඍණ 0. 7ක් දක්වා වැඩි වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
එය පසුගිය අප්‍රේල් මාසයේ සියයට ඍණ 2. 0ක් ලෙස වාර්තා වූ බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
මැයි මාසයේ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය ද සියයට 5. 2ක් දක්වා වැඩි වී තිබෙනවා.
පසුගිය මාසයේ දී එය වාර්තා වූයේ සියයට 1.3ක් ලෙසයි.
එමෙන්ම, මෙම මාසයේ ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට ඍණ 3.3ක් දක්වා වැඩි වී ඇති අතර එය පසුගිය මාසයේ දී සියයට ඍණ 3.6ක් ලෙස වාර්තා වූ බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.