පළාත් පාලන ආයතන අතරින් කොටසක නම් ගැසට් මගින් නිකුත් වෙයි

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අනුව එක් එක් කොට්ඨාස සඳහා තෝරා පත් කරගෙන ඇති සභිකයින් සහ දේශපාලන පක්ෂ විසින් පළාත් පාලන ආයතනවලට මෙතෙක් නම් කර ඇති සභිකයින්ගේ නම් දිස්ත්‍රික්ක මට්ටමින් ඊයේ සිට නිකුත් කෙරෙනවා.
මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසුවේ එක් එක් පළාත් පාලන ආයතනවලට දේශපාලන පක්ෂ මගින් මෙතෙක් නම් කර නොමැති සභිකයින් නම් කරන අවස්ථාවේදී නගරාධිපතිවරුන්, උපනගරාධිපතිවරුන්, සභාපතිවරුන් සහ උප සභාපතිවරුන්ගේ නම්ද ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවයි.
අදාළ සභිකයින් නම් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් පළාත් පාලන ආයතන රැසක් ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් ගැටලුකාරි තත්ත්වයක් ඇතිවිය හැකි බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.