පොසොන් සමයේ දන්සැල් සංවිධායකයින්ට සෞඛ්‍ය අංශවලින් උපදෙස් මාලාවක්

පොසොන් පුර පසළොස්වක පොහොය නිමිති කර ගනිමින් දිවයින පුරා සංවිධාන කර ඇති දන්සැල් 4,125ක් මේ වන විට ලියාපදිංචි කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා කරුණු විමසීමකදී කියා සිටියේ ලබන සඳුදා දින පස්වරුව දක්වා දන්සැල් ලියාපදිංචි කිරීම සහ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ කටයුතු සිදු කරන බවයි

menu
menu