පා පැදි 170ක් සමග සැකකරුවෙකු පොලිස් දැලේ

සොරකම් කරන ලද පා පැදි සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලද තොරතුරක් අනුව අදාළ වැටලීම සිදු කර තිබුණේ මට්ටක්කුලිය, රාවතාවත්ත පාර ප්‍රදේශයේදීයි.
එම වැටලීමේදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 06යි මිලිග්‍රෑම් 600ක්ද සොයා ගත් බවයි කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය පැවසුවේ.
ඒ අනුව සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී ඔහුගේ නිවසේ තිබී අනන්‍යතාව තහවුරු කරගත නොහැකි පා පැදි 170ක් සොයා ගත් බවද කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය පැවසුවා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 45 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන මට්ටක්කුලිය පොලීසිය මගින් ක්‍රියාත්මකයි