නිදහස් කළ ප්‍රශ්නගත බහාලුම් ගැන රේගුවෙන් ප්‍රකාශයක්

රේගුවෙන් නිදහස් කළ බහාලුම් තුළ නීති විරෝධී හෝ සැක කටයුතු කිසිවක් නොමැති බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසනවා.

අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ අදාළ බහාලුම් නිදහස් කිරීමට පෙර ආනයන සටහන්වල සියලුම ලියකියවිලි පරීක්ෂා කර මෙම බහාලුම් නිදහස් කිරීමට පියවර ගත් බවයි.

menu
menu