කළුබෝවිල පන්සල පාරේ නිවසකට වෙඩි තැබීමක්

කොහුවල පොලිස් වසමේ, කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට අද අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.

සැකකරුවන් විසින් නිවසේ ගේට්ටුවට හා නිවස දෙසට වෙඩි තබා තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් ජිවිත හානි හෝ තුවාල කිසිවක් සිදුව නොමැති බවද පොලීසිය පැවසුවා.

දැනට සිදුකරන ලද විමර්ශන අනුව අනාවරණ වී ඇත්තේ මුදල් ආරවුලක් මත අදාළ වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය හා කොහුවල පොලීසිය මගින් සිදු කරනු ලබනවා.

menu
menu