කොළඹ මහ නගර සභාවේ තීරණාත්මක මංගල සභා වාරය හෙට

ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කිසිදු පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට බහුතරය හිමිනොවූකොළඹ මහා නගර සභාවේ මංගල රැස්වීම හෙට (16) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

එහිදීනගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරාපත්කර ගැනීමට නියමිතව ඇති අතර,ඒ සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට ද නියමිතය.

ඉකුත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කොළඹ මහා නගර සභාවේ බලය පිහිටුවීම සඳහා තනි පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට පූර්ණ ජයග්‍රහණයක් හිමි නොවීය.

ඒ අනුව ජාතික ජන බලවේගයට සභික ධුර 48ක්, සමගි ජන බලවේගයට සභික ධුර 29ක්, එක්සත් ජාතික පක්ෂයට සභික ධුර 13ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධුර 05ක් හිමිවුණා.
එසේම, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සභික ධුර 04ක්, ස්වාධීන කණ්ඩායම් අංක 03ට සභික ධුර 03ක්, සර්වජන බලයට සභික ධුර 02ක්, එක්සත් සාම සන්ධානයට සභික ධුර 02ක් ඡන්ද ප්‍රතිඵලවලට අනුව ලැබී තිබුණි.

menu
menu