පාසලක් අසල තිබී ටී-56 උණ්ඩ තොගය

තලාව, රත්මල්ගහවැව පාර, මුදුනේගම ප්‍රදේශයේ පාසලක් අසල තිබී ටී-56 හිස් පතරොම් කොපු තොගයක් සහ ජීව උණ්ඩ තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඒ, මුදුනේගම ප්‍රදේශයේ වගුරු බිමක පතරොම් තොගයක් ඇති බවට ප්‍රදේශවාසියකු විසින් තඹුත්තේගම පොලීසියට කළ දැනුම්දීමකට අනුවයි.
අදාළ උණ්ඩ තොගය අතර ටී-56 හිස් පතරොම් කොපු 15,000කට ආසන්න සංඛ්‍යාවක් හා ටී-56 ජීව උණ්ඩ රැසක් ඇති බවයි පොලීසිය පැවසුවේ.
එම හිස් පතරොම් කොපු සහ ජීව උණ්ඩ දිරාපත්ව ඇති බැවින් ඒවා වසර කිහිපයකට පෙර අදාළ වගුර බිමට දමන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.