නවසීලන්තයට ලකුණු 259ක ඉලක්කයක්    

එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම තරගය මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

එම තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව, පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 258ක් රැස්කිරීමට සමත් විය.

නවසීලන්තයට එරෙහි තරගයට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද එක්වන්නේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු රඳවා ගැනීමේ අරමුණ ඇතිවය.

ශ්‍රී ලංකා කාන්තා පිල අද තරගයට පිවිසුනේ පියුමි වත්සලා සහ මල්කි මදාරා කණ්ඩායමට කැඳවමින්ය.

ආරම්භක පිතිකරු ස්ථානයේ වෙනසක් සිදු කරමින් චමරි අතපත්තු සමගින් මෙම තරගයේදී ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ විශ්මි ගුණරත්නයි.

ඔවුන් දෙදෙනා සාර්ථක ආරම්භයක් ලබාදෙමින් පළමු කඩුල්ලට ලකුණු 101ක සබඳතාවක් ගොඩනැගුවාය.

චමරි අතපත්තු ලකුණු 53ක් රැස් කළ අතර විශ්මි ගුණරත්න ලකුණු 42ක් රැස් කළාය

menu
menu