පෞද්ගලික අංශයේ සේවක වේතනය ගැන කැබිනට් මණ්ඩලය ගත් තීරණය

2025 අයවැය යෝජනාවක් අනුව, රාජ්‍ය අංශයේ සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ද ජාතික අවම වේතනය ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
ඒ අනුව, 2025 අංක 11 දරන සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත, 2025 අංක 09 දරන සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත සහ 2025 අංක 10 දරන සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත 2025‑04‑01 දින සිට ක්‍රියාත්මක වන පරිදි 2025‑07‑22 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇත.
එකී විධිවිධාන අනුව 2025‑04‑01 වන දින සිට මාසික අවම වේතනය රුපියල් 17,500/- සිට රුපියල් 27,000/- දක්වා වැඩි වන අතර, 2026‑01‑01 දින සිට මාසික අවම වේතනය රුපියල් 30,000/- දක්වා වැඩි වේ.
එලෙස මාසික අවම වේතනය වැඩිකිරීම සේවක අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල්, අතිකාල, පාරිතෝෂික, ප්‍රසූතිකාධාර ගෙවීම් සහ නිවාඩු දින ගෙවීම් යනාදී සියලු ව්‍යවස්ථාපිත ගෙවීම් සඳහා අදාළ කර ගත යුතුව ඇත.