හරින්ට එජාප යෙන්අ ලුත් තනතුරක්

වහාම ක්‍රියාත්මක වන පරිදි නව ප්‍රධාන තනතුරක් ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.
ඒ අනුව දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් ලෙස හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත් කිරීමටයි එම පක්ෂය තීරණය කර ඇත්තේ.
මෙරට සියලු දේශපාලන පක්ෂ ඒකරාශී කර පොදු වැඩපිළිවෙලකට සම්බන්ධ කර ගැනීම හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට ලබාදුන් තනතුරේ වගකීම වන බව එක්සත් ජාතික පක්ෂය පැවසුවා.
ඊට අමතරව එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන රැස්වීම් දහස භාරව ක්‍රියා කරන්නේද හරීන් ප්‍රනාන්දු මහතායි.