ඉෂාරා සෙව්වන්දි ගැන විමර්ශනවලදී පාස්කු ප්‍රහාරයේ කොණකුත් එළියට
.jpg)
අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරියට ඉන්දියාවට පලායාම සඳහා බෝට්ටුවක් සැපයූ පුද්ගලයාගේ කිලිනොච්චිය ප්‍රදේශයේ නිවසේ සඟවා තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවි දෙකක් සහජීව උණ්ඩ සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා.
කොළඹ - නුවර මාර්ගයේ තිහාරිය, ඕගොඩපොළ ප්‍රදේශයේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් අන්තෝනි පිල්ලේ ආනන්දන් නැමැති සැකකරුගෙන් පැය 72ක කාලයකට රැඳවුම් නියෝග මත සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණ වූ තොරතුරු මත එම ගිනි අවි සහජීව උණ්ඩ සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.
2019 වසරේ අප්‍රේල් මස 19 වෙනි දින සිදු වූ පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකු ද මුහුදු මාර්ගයෙන් පලා යාමට අවශ්‍ය කටයුතු මෙම සැකකරු විසින් සිදුකර ඇති බවට ද තොරතුරු අනාවරණය වන බවත් ඒ සම්බන්ධයෙන් ද විමර්ශන කටයුතු සිදු කරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු නෙත් නිවුස් වෙත කියා සිටියා.
මෙම සැකකරු ඉෂාරා සෙව්වන්දි නැමති සැකකාරිය මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලායාමට දැනට විදෙස් ගතව සිටින මොහොමත් රිස්වි නොහොත් “සිලෝන් බායි” යන පුද්ගලයාගේ උපදෙස් මත බෝට්ටු පහසුකම් ලබාදුන් බවටයි අනාවරණය වී ඇත්තේ.