පද්මේ පිටතට රැගෙන නොයෑමේ ප්‍රතිඥාව
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින කෙහෙල්බද්දර පද්මේ එම දෙපාර්තමේන්තුවෙන් පිටතට රැගෙන නොයන බවට ලබා දී තිබෙන ප්‍රතිඥාව දෙසැම්බර් 2වනදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (23) නියම කළේය.
තම පුත්‍රයාගේ ආරක්ෂාව තහවුරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මේ වනවිට රැඳවුම් භාරයෙන් පසුවන කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ මව විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදුන්නේය.
වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතාගේ එකඟත්වය ඇතිව මෙම ප්‍රතිඥාව දීර්ඝ කරනු ලැබීය.
මෙම පෙත්සම අද අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීය.
එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ අදාළ පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා දෙසැම්බර් මස 02වනදා කැඳවන ලෙසය.

