සංගා ලඟටම ආපු කෝලි
කුමාර් සංගක්කාර අබිබවා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ඉහළම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයට පත්වීමට ඉන්දීය පිතිකරු විරාට් කෝලිට අවශ්‍යව ඇත්තේ තවත් ලකුණු 54ක් පමණි.
ශතක 51ක් හා අර්ධ ශතක 74ක් රැස්කර ඇති කෝලි, මේ වනවිට තරග 304කදී ලකුණු 14,181ක් රැස්කර සිටියි.
ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ඉහළම ලකුණු රැස්කළ දෙවන පිතිකරුවා වන කුමාර් සංගක්කාර, තරග 404කදී ලකුණු 14,234ක් රැස්කර තිබේ.
සංගා එක්දින පිටියට සමුදෙන විට ශතක 25ක් හා අර්ධ ශතක 93ක් රැස්කර තිබුණි.
ලොව ඉහළම එක්දින ලකුණු රැස්කර ඇත්තේ සචිත් තෙන්ඩුල්කාර් වන අතර, ඔහු තරග 463කදී ශතක 49ක් හා අර්ධ ශතක 96ක් සමගින් ලකුණු 18,426ක් රැස්කර ඇත.
මේ දිනවල ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිතරව සිටින ඉන්දීය කණ්ඩායම ක්‍රීඩාකරන තෙවන තරගය හෙට (25) සිඩ්නි හිදී පැවැත්වීමට නියමිතය.
තරග 3කින් යුත් තරගාවලිය තරග 2-0ක් ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ වනවිට තරගාවලියේ පෙරමුණගෙන සිටී.

