හෙට මධ්‍යම රාත්‍රියේ සිට සපුරාම තහනම් වන
                                            
	අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පවත්වනු ලබන සියලුම උපකාරක පන්ති සම්මන්ත්‍රණ, වැඩමුළු සහ සමාජ මාධ්‍ය හරහා සහාය වීම ආදිය හෙට (11) වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.
	
	
ඒ අනුව එවැනි සියලුම කටයුතු හෙට එනම්, අඟහරුවාදා රාත්‍රියේ සිට තහනම් කෙරෙන බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය මාර්තු (17) වැනිදා ආරම්භ වීමට නියමිතයි.
ඒ අනුව 2024 අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන මාර්තු 26 වැනිදායින් අවසන් වීමටයි නියමිතව ඇත්තේ.

