උසස් පෙළ ලියන දරුවන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

හෙටින් ඇරඹෙන මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

හෙටින් (10) ආරම්භ වන මෙම විභාගය දෙසැම්බර් මස පස්වැනි සිකුරාදා දක්වා පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362ක් සූදානම් කර තිබෙනවා.

මෙවර විභාගය සඳහා මුළු අයදුම්කරුවන් 340,521 දෙනකු සුදුසුකම් ලබා තිබෙන අතර, එය පාසල් අයදුම්කරුවන් 246,521 දෙනකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 94,000ක් ලෙස බෙදී යනවා.

විභාග කටයුතු සම්බන්ධීකරණය සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325ක් සහ ප්‍රාදේශීය එකතු කිරීමේ මධ්‍යස්ථාන 32ක් ද ස්ථාපිත කර තිබෙන බව දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

පාසල් අයදුම්කරුවන් සඳහා නියමිත ප්‍රවේශ පත්‍ර පාසලේ විදුහල්පතිවරුන් වෙතත්, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන් වෙතත් මේ වන විට යවා ඇති බව දෙපාර්තමේන්තුව පවසනවා.

menu
menu