දිල්ලි අගනුවර හෙල්ලූ පිපිරීමේ නවතම අනාවරණය
ඉන්දියාවේ දිල්ලි නගරයේ රතු බලකොටුව ආසන්නයේ ඊයේ පස්වරුව 06 55 පමණ පිපිරීමෙන් මියගිය ගණන 09 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
තවත් පුද්ගලයින් 20 දෙනෙකු එම පිපිරීමෙන් තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
පිපිරීම සිදුව ඇත්තේ ඉන්දියාව ප්‍රධානතම ස්ථානවලින් එකක් ලෙස සැලකෙන දිල්ලියේ රතු බලකොටුව ආසන්නයේයි.
ඊට අමතරව මුම්බායි, කොල්කටා, බැංගලෝර්, ජායිපූර්, හර්යානා, පන්ජාබ්, හයිද්‍රාබාද්, උත්තර් ප්‍රදේශ් සහ උත්තර්කාන්ඩ් යන ප්‍රාන්ත මෙන්ම හෙට දිනයේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බිහාර් ප්‍රාන්තයේ ද ආරක්ෂාව තරකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
කේරළ ප්‍රාන්ත බලධාරින් ද ප්‍රාන්තය පුරා ආරක්ෂාව තරකරන ලෙස පොලීසියට උපදෙස් ලබාදී තිබෙනවා. ප්‍රධාන දුම්රිය ස්ථාන සහ ගුවන්තොටුපළවල ද ආරක්ෂාව තරකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
පිපිරීම සිදුව තිබුණේ රතු බලකොටුව ආසන්නයේ මාර්ගයක රථ වාහන සංඥා අනුව නතර කර තිබූ මෝටර් රථයක් තුළ බව විමර්ශන නිලධාරින් අනාවරණ කරගෙන තිබෙනවා.
සුදු පැහැති හුන්ඩායි වර්ගයේ මෝටර් රථයක් තුළ පිපිරීම සිදුව ඇති අතර එය හර්යානා ප්‍රාන්තයේ ලියාපදිංචි වාහනයක් බවටයි අනාවරණ වී ඇත්තේ.

