තලාවේ මාරක බස් අනතුරේ මවගේ සංවේදී කතාව

මේ බිහිසුණු අනතුරින් තලාව ප්‍රදේශයේ පදිංචිව සිටි පසිඳු දිල්ෂාන් නැමැති තලාව ජාතික පාසලේ ඉගෙනුම ලබන 16 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වුණි.

පසිඳුගේ මව හැඬූ කඳුළින්"ඉස්කෝලේ ගිය මගේ කොල්ලා තාම ආවේ නෑ...වෙනදා උදේම නැඟිටින කොල්ලා අද තාම ආවේ නෑ කුස්සියට. අම්මා මම යනවා කියලා මට වැඳලා ගිය කොල්ලා ආය ආවේ නෑනේ ගෙදර..."යැයි පැවසීය.

මෙවර උසස් පෙළ විභාගයට මුහුණදෙන දරුවන් පිරිසක් සහ තලාව ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වූ පාසල් සිසුන් පිරිසක් ද එම බස් රථයේ සිට ඇතැයි වාර්තා වුණි.

අනතුරින් තුවාල ලැබූ පිරිස අනුරාධපුර ශික්ෂණ රෝහලට සහ තලාව ප්‍රාදේශීය රෝහලට කෙරුණි.

අනතුරින් පසු ප්‍රදේශවාසීන් ඇතුළු පිරිස බස් රථය එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රියදුරු තඹුත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සිද්ධිය පිළිබඳ තඹුත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

menu
menu