යතුරුපැදි සහ ත්‍රිරෝද රථඇති පුද්ගලයන්ට 

කොළඹ නගරය ඇතුළු බස්නාහිර පළාත තුළ යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සොරකම් කිරීමේ සිදුවීම්වල වර්ධනයක් දක්නට ලැබෙන බව පොලීසිය පවසනවා
මාර්ගවල නවතා ඇති යතුරුපැදි සහ ත්‍රිරෝද රථ මෙලෙස සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලීසියට පසුගිය දින කිහිපය තුළ පැමිණිලි ලැබී ඇති බව පොලිසිසිය පැවසුවා.
පසුගිය 8 සහ 9 යන දින දෙක තුළ පමණක් බස්නාහිර පළාත තුළ යතුරුපැදි 10ක් සහ ත්‍රිරෝද රථ 3ක් එලෙස සොරකම් කර ඇති බව පොලීසිය සඳහන් කළේ.
මේ පිළිබඳව සොයාබැලීම සඳහා විශේෂ විමර්ශන කණ්ඩායම් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ වුට්ලර් මහතා සඳහන් කලේ
පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියේ තමන්ගේ යතුරු පැදිය හෝ ත්‍රිරෝධ නවතා තැබීමේ ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන ලෙස
menu
menu