අවුරුදු 16 පෙම්වතිය ඝාතනය කළ අවුරුදු 27 පෙම්වතාත් සියදිවි නසා ගනී
පෙමට පිටුපෑවයි උරණ වූ 27 හැවිරිදි පෙම්වතකු තම දාසය හැවිරිදි පෙම්වතියගේ ගෙලට තියුණු පිහි පහරක් එල්ල කර ඇය ඝතනය කර ඔහුද ගෙළ වැළලාගෙන මිය යාමේ සිද්ධියක් ගම්පොළ පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ පන්විලතැන්න, මිල්ලගහමුල, කාසල්ක් මිල්ක් ප්‍රදේශයේ පදිංචි හේවගේ මල්කී දිල්රුක්ෂි නමැති තරුණියක් හා ආභරණ ගෙදර දිනූෂ ප්‍රියන්ත දිල්ෂාන් යන තරුණයෙක්.
මල්කි දිල්රුක්ෂි එම ප්‍රදේශයේ පාසලක දහය වසර ඉගෙනුම ලබන ශිෂ්‍යාවක්.
ඇගේ නිවස ආසන්නයේ පදිංචිකරුවකු වන දිනූෂ ප්‍රියන්ත යන අය යුද හමුදාවේ සේවය කොට ඉන් පලාවිත් විවාහයක් කරගැනීමෙන් පසු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බව පොලිසිය පවසනවා.
පසුව එම විවාහය අසාර්ථක වීමෙන් පසු මොහු ගමට පැමිණ සිටියදී සිය පියා සමඟ ආරවුලක් ඇති කරගෙන අමනාප වි මෙම මල්කි නමැති තරුණියගේ දෙමාපිය කැමැත්ත මත එම නිවසේ වසරක පමණ කාලයක් පදිංචිව සිට තිබෙනවා.
ඒ අතර තුර මෙම පාසල් දැරිය සමඟ මොහු පෙම් සබඳතාවක් ඇති කරගෙන ඇති අතර පසුව මොහු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ රැකියාවක් කිරීමට ගොස් ඇතැයි සඳහන්.

