අධිවේගී මාර්ගයට අලියෙක්
දක්ෂිණ අධිවේගී හම්බන්තොට මත්තල මාර්ගයට ඊයේ රාත්රී පැමිණ තිබෙනවා
පලවා හැරීමට මාර්ග සංවර්ධන අධිකාරී සේවකයින් කටයුතු කර ඇත
රාත්රී එකොළහට පමණ ඊ 6 මාර්ගය කිලෝ මිටර් 1 දශම නමය කිලෝ මීටර් කණු අසල විදුලි වැටටද හානි සිදු කරමින් අධිවේගී මාර්ගයට මෙම අලියා පැමිණ ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරී සේවකයින් සඳහන් කර සිටියේ.
එම වන අලියාව අලි වෙඩි දමා අලියා පලවා හැරීමට මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් කටයුතු කර ඇති අතර මත්තල පිවිසුමෙන් අලියා පිටතට ගොස් වන වැදුණු බවයි මාර්ග සංවර්ධන අධිකාරී සේවකයින් වැඩි දුරටත්පැවසුවේ.
එම අවස්ථාවේදී අධිවේගී මාර්ගයට මත්තල පිවිසුමෙන් ඇතුළු වන සහ පිටවන වාහනය නතර කර තැබීමට පොලිස් නිලධාරීන්ද කටයුතු කර තිබෙනවා

