පොලිස්පතිවරයා ගමන් ගත් නිල රථය අනතුරට ලක් වෙයි

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ගමන් ගත් නිල මෝටර් රථය, ආරක්ෂක නිලධාරීන් ගමන් ගත් ජීප් රථයක ගැටීමෙන් අනතුරට පත්ව ඇතැයි වැලිකඩ පොලිසිය පවසනවා.

පොලිස්පතිවරයා ගමන් ගත් මෝටර් රථය බත්තරමුල්ල දෙස සිට බොරැල්ල දෙසට ගමන් කරමින් සිටියදී, රාජගිරිය ගුවන් පාලම ආරම්භක ස්ථානයේදී එම රථයට ඉදිරියෙන් ගමන් ගත් මෝටර් රථයක් මාර්ගයේ ක්ෂණිකව නවතා තිබෙනවා.

ඒ අනුව පොලිස්පතිවරයාගේ නිල රථයද ක්ෂණිකව නතර කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එම අවස්ථාවේදී පොලිස්පතිවරයාගේ නිල රථයට පිටුපසින් පැමිණි ආරක්ෂක නිලධාරීන් ගමන් ගත් ජීප් රථය නවතා ගැනීමට තිරිංග තද කිරීමේදී අධික වර්ෂාව හේතුවෙන් ලිස්සා ඉදිරියට ඇදී ගොස් පොලිස්පතිවරයා ගමන් ගත් නිල රථයේ ගැටී තිබෙනවා.

පසුව එම නිල රථය ඉදිරියට ඇදී ගොස් ඉදිරියෙන් නවතා තිබූ මෝටර් රථයක ද ගැටී ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ

.

අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී නැහැ.

menu
menu