ගොඩනැගිලි 170ක් දැවෙයි

ජපානයේ කියුෂු දූපතේ ඔයිටා නගරයේ ඇති වූ දැවැන්ත ගින්නකින් ගොඩනැගිලි 170කට පමණ හානි සිදුව තිබෙනවා.

ඒ හේතුවෙන් ගින්න හටගත් ප්‍රදේශයේ පදිංචිකරුවන් සියලුදෙනා සිය වාසස්ථානවලින් ඉවත් කිරීමටයි බලධාරින් පියවර ගෙන ඇත්තේ.

ගුවන් දර්ශනවලින් පෙන්නුම් කළ ආකාරයට පාපන්දු පිටි හතරක පමණ වපසරියක ගින්න පැතිර ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

ගින්න හේතුවෙන් එක් අයෙකු මියගොස් ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා අනාවරණ කර තිබෙනවා.

ගින්නට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි ජපාන බලධාරින් පවසා ඇත්තේ.

1976 වසරෙන් පසු ජපානයේ ඇති වූ විශාලතම නාගරික ගින්න මෙය වන බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

menu
menu