කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් යළි වසාදැමේ

නායයෑමක් හේතුවෙන් වසා දමා තිබී යළි විවෘත කරනු ලැබූ කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය අද (26) රාත්‍රී 10 සිට යළිත් දින නියමයක් නොමැතිව වසාතැබීමට තීරණය කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
ඒ අනුව මීට පෙර මාර්ගය වසා තැබූ ගනේතැන්න ප්‍රදේශයෙන් යළි මාර්ගය වසා තැබෙන අතර, ඒ හේතුවෙන් පෙර පරිදි විකල්ප මාර්ග භාවිතා කරන ලෙස උපදෙස් ලබා දී ඇත.
menu
menu