2024 අයවැය යෝජනා අද පාර්ලිමේන්තුවට

2024 වසර සඳහා රජයේ වියදම් ඇතුළත් අය වැය වාර්තාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (13) දවල් 12.00 ට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙවර අයවැයෙ හි ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 7,326ක් වන අතර පුනරාවර්ථන වියදම් ලෙස රුපියල් බිලියන 5,334ක් වෙන්කර තිබේ.

එමෙන්ම ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 1,225ක් වෙන් කර ඇත.

අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය පිළිබඳ විවාදය හෙට දිනයේ සිට ලබන 21 වන දින දක්වා පැවැත්වීමට නියමිතව තිබෙන අතර අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනි දින පස්වරු 6ට පැවැත්වීමට නියමිතය.

අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 22 වැනි දින සිට දෙසැම්බර් 13 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර තෙවන වර කියවීමේ ඡන්ද විමසීම 13 වන දින පස්වරු 6ට පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් සඳහන් කරන ලදී.

අද දවසේ මෙම අයවැය ඉදිරිපත් කිරීම මේ හේතුවෙන් පාර්ලිමේන්තුව අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව වාර්තාවේ.

එමෙන්ම අය වැය විවාදය පවත්වන වකවානුව තුළ සියලු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවෙහි රැඳී සිටීම අත්‍යවශ්‍ය බවත් එම කාල සීමාවේදී පාර්ලිමේන්තුවෙහි රැඳී සිටීමට හැකිවන පරිදි බාහිර වැඩ යොදා ගන්නා ලෙස ද සියලු මැති ඇමැතිවරුන්ට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය විසින් දැනුම් දී තිබේ.

menu
menu