බදු නොගෙවන අයට රතු එළියක්

මෙවර අයවැය යෝජනාවලියට බදු පරිපාලනය වැඩිදියුණු කිරීම සහ බදු ප්‍රතිපත්ති සංශෝධන යෝජනා ඇතුළත් කර තිබුණි.

ඒ අනුව 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට සංශෝධන රැසක් ඉදිරිපත් කර ඇති අතර අවස්ථා කිහිපයකදී බදු ගෙවන්නා හඳුනාගැනීම අංකයක් ඇතුළත් සහතික පිටපතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබේ.

එම අවස්ථාවන් 4 නම්,

  • ඕනෑම බැංකුවක ජංගම ගිණුමක් විවෘත කිරීමේදී,
  • ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විටෙක, ඉල්ලුම්කරු විසින්.
  • මෝටර් රථයක් ලියාපදිංචි කරන බලපත්‍රය අලුත් කරන අවස්ථාවක, හිමිකරු විසින්.
  • ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කරන විටක ගැනුම්කරු විසින්.

මේ සඳහා අදාළ මාර්ගෝපදේශ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් විසින් නිකුත් කිරීමට නියමිතය.

menu
menu