මෙවර අයවැයෙන් මත්පැන් ගැන තීරණයක්

මත්පැන් කර්මාන්තයේ විනයානුකූලභාවය පවත්වාගෙන යාම වෙනුවෙන් නම්‍යශීලී විවෘත කිරීමේ වේලාවන් හඳුන්වාදීමට 2024 අයවැය යෝජනා තුළින් ඉදිරිපත් කර තිබේ.

සුරාසැල් නොමැති ප්‍රදේශ ඇති කරමින් අතාර්කික ලෙස සුරාසැල් පැතිර පැවතීමේ ගැටලුවට පිළියම් යෙදීමේ අරමුණ ඇතිව ඇතැම් බලපත්‍ර සඳහා වන උපරිම සීමාවන් සංශෝධනය කරන බවද එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්තිමය යෝජනා අතර තෝරාගත් දේශීයව නිෂ්පාදිත මත්පැන් බදු නිදහස් සාප්පුවල අලෙවි කිරීමට ඉඩ සැලසීමටද නියමිතයි.

එමෙන්ම බලපත්‍ර සඳහා වර්තමානයේ පවතින ඉල්ලුමට අනුරූපීව යන පදනම මත සුරාබදු බලපත්‍ර ගාස්තු ඉහළ නැංවීමද 2024 අයවැය මඟින් යෝජනාවක් ලෙස ඉදිරිපත්ය.

menu
menu