නේපාලයේ  ටික්ටොක් සමාජ මාධ්‍යයට තහනමක්

ටික්ටොක් සමාජ මාධ්‍ය, සමාජ ඒකාග්‍රතාවයට බලපෑමක් සිදුකරන බව දක්වමින් එය තහනම් කිරීමට නේපාලය තීරණය කර තිබේ.

ටික්ටොක් සමාජ මාධ්‍යයේ හිමිකාරීත්වය චීන සමාගමක් සතුවන අතර, සමාජ මාධ්‍ය සමාගම් තම රට තුළ ක්‍රියාත්මක වන්නේ නම් එහි කාර්යාලයක් තම රට තුළ විවෘත කළ යුතු බවට නව රීතියක් නේපාලය පසුගියදා ක්‍රියාත්මක කළේය.

මේ වනවිට මාසයක් තුලදී පමණක් ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය පරිහණය කරන පරිශීලකයන් පිරිස බිලියනයකට ආසන්නය.

දැනටමත් ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක ටික්ටොක් තහනම් කර ඇත.එසේම ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තය මෙන්ම එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව තුළද ටික්ටොක් තහනම ක්‍රියාත්මක ය.

නේපාලයේ තොරතුරු තාක්ෂණ අමාත්‍ය රේඛා ශර්මා පැවසුවේ " ටික්ටොක් සමාජ මාධ්‍ය වෛරීය දේ සමාජගත වීම වෙනුවෙන් වේදිකාවක් " සපයන බවය.

menu
menu