ෂාරුක් ඛාන් ලොව ධනවත්ම නළුවන් අතරට

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ලොව ධනවත්ම නළුවන් අතර සිව්වැනි ස්ථානයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය දා නිකුත් කර ඇති ලොව ධනවත්ම නළුවන් දසදෙනාගේ ලැයිස්තුවට අනුව ෂාරුක් ඛාන් ඇමෙරිකානු ඩොලර් මිලියන 770ක වත්කමකට හිමිකම් කියමින් එම ලැයිස්තුවේ සිව්වැනි තැනට පත්ව සිටින බව වාර්තා වේ.

ඇමරිකානු ප්‍රහසන නළුවන් දෙදෙනකු වන ජෙරී සෙයින්ෆෙල්ඩ් සහ ටයිලර් පෙරී එම ලැයිස්තුවේ පිළිවෙළින් පළමු හා දෙවැනි ස්ථානවල පසුවන අතර, ඔවුන්ගේ වත්කම ඩොලර් මිලියන දහසක් බැගින් වන බව වැඩිදුරටත් වාර්තා වේ. සුපිරි හොලිවුඩ් නළු ඩ්වේන් ජොන්සන් ඩොලර් මිලියන 800ක වත්කමකට හිමිකම් කියමින් තුන්වැනි තැන පසුවෙයි.

බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ට වඩා එක් ස්ථානයක් පසුපසින් සිටින සුපිරි නළු ටොම් කෘෘස් ඩොලර් මිලියන 620ක වත්කමකට හිමිකම් කියන අතර, ඩොලර් මිලියන 520ක වත්කමක් සහිත ජැකී චෑන් 6 වැනි තැන සිටී.

menu
menu