බොල්ගොඩ ගඟෙන් හමුවූ උපකාරක පංති ගුරුවරයාගේ මළසිරුර

කොළඹ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙකුගේ සිරුරක් බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබේ.
මියගොස් ඇති ගුරුවරයා ප්‍රදේශයේ ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු බවටද මේ වනවිට තොරතුරු වාර්තාවී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ පානදුර පරත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි වියේ පසුවූ අයෙකි.
ඊයේ සිට සිය නිවසින් අතුරුදන්ව ඇති අතර අද උදෑසන ඔහුගේ සිරුර පානදුර මඩකිස්ස පාරේ බොල්ගොඩ ගඟේ ඉවුරේ පාවෙමින් තිබියදී හමුවී ඇත. එසේම ඔහු නිවසින් පිටවනවිට රැගෙන ආ ගමන් මල්ල වෙනත් ස්ථානයක තිබී සොයාගෙන ඇත.
පානදුර උතුර පොලීසිය ගුරුවරයාගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
menu
menu