ක්‍රිකට් ගැන කැබිනට් තීරණය

මින්පසු ක්‍රිකට් අතුරු පාලක මණ්ඩල පත් කරන්නේ නම්, කැබිනට් අනුමැතිය ගත යුතු බව කැබ්නට් මණ්ඩලය තීරණය කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගැනීමේ බලය ක්‍රිකට් සඳහා පත්කර ඇති අමාත්‍ය අනු කමිටුව වෙත පැවරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බවයි.

විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අමාත්‍ය අනු කමිටුව පත් කෙරිණ.

menu
menu